www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තොටළග නිවාස සංකීර්ණයේ හදිසි ගින්නක්.! නිවාස 25කට දැඩි හානි


2022-09-27 22:15:46 -  229 යි

තොටළඟ - කජීමාවත්තේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න හටගෙන ඇත්තේ මෝදර කජීමා වත්තේ හි පිහිටා ඇති අනවසර නිවාස සංකීර්ණයේ වන අතර, ගින්න අද (27) රාත්‍රී 7.30ට පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 10ක් අදාළ ස්ථානයට පිටත් කර හැර ඇති බව ගිනි නිවන රථ දෙපාර්තමේන්තුව ප්‍රාකශ කළා.

මෙම ගින්න ඇතිවීමට මෙතෙක් හේතුව අනාවරණ වී නොමැති අතර, නිවාස 25කට පමණ දැඩි හානි සිදු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයේ අද පස්වරුවේ ඇති වූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලුම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ සියලූම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයන් වහාම සිදුකොට අද රාත්‍රියේ සිටම එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සලසන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව එම සියලුම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමටත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමටත් පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම්දී ඇත්තේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com