www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වස් අරින්න නැටූ තොවිලෙන් දියණියට වැහුණු මදන යකා කොටු වෙයි!


2022-09-27 08:08:00 -  453 යි

පදවිය පරාක්‍රමපුර ටියුෂන් පන්තියකදී 15 හැවිරිදි සිසුවියක් 16 හැවිරිදි සිසුවෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධියක් පදවිය පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ 16 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

පදවිය පරාක්‍රමපුර පිහිටි සමූපාකාර උපකාරක පන්තියේ වැසිකිළිය තුළදී එම සිසුවිය දූෂණය වී ඇතැයි මේවන විට හෙළිව තිබේ.

මෙම අපරාධය සිදුව ඇත්තේ මීට මාස 06කට පෙර උපකාරක පන්තියේ විවේක කාලයේ දී බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිසුන් දෙදෙනා ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින අය බව ද පොලීසිය කියයි.

සිසුවිය පදවිය යාය සී කලාපයේත් සිසුවා වව්නියාව බෝගස්වැවත් පදිංචිකරුවන් බවද පැවසේ.

මේ දූෂණයේ තොරතුරු හෙළිව ඇත්තේ සිසුවියගේ දෙමාපියන් නිවසේ යම් දෝෂයක් හේතුවෙන් ශාන්ති කර්මයක් කර නිවසට ආරක්ෂාවක් යෙදවීමට ඉකුත් දිනක යකදුරකු ගෙන්වූ අවස්ථාවේදීය.

යකදුරා ශාන්තිකර්මය ආරම්භ කරන විට සිසුවිය නිවසින් පලාගොස් බෝගස්වැව සිය පෙම්වතාගේ නිවසට ගොස් තිබේ.

ඇය පවසා ඇත්තේ දෙදෙනා අතර ඇති ප්‍රේම සම්බන්ධය බිඳ දැමීමට දෙමාපියන් තොවිලයක් නටන බවකි.

දැරියගේ පෙම්වතා ඇයව පැහැරගෙන ගොස් ඇතැයි කියමින් දැරියගේ දෙමාපියන් පදවිය පොලීසියට ඉකුත් 23 වැනිදා දෙමාපියන් පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව පදවිය පොලීසිය මේ ගැන බෝගස්තලාව පොලිස් ස්ථානයට දැනුම් දෙමින් සිසුවිය සහ සිසුවා පොලිස් භාරයට ගෙන පදවිය පොලිස් ස්ථානයට ඉදිරිපත්කර තිබේ.

එහිදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සිසුවිය පවසා ඇත්තේ තමා සිය කැමැත්තෙන් පෙම්වතාගේ නිවසට ගිය බවකි.

කෙසේවෙතත් පොලීසිය මෙම සිසුවියව අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත්කර ඇත.

ඇය දූෂණයට ලක්ව ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

ඒ ගැන ඇගෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා තොරතුරු විමසීමේ දී උපකාරක පන්තියේ වැසිකිළියේ දී පෙම්වතා සමඟ කැමැත්තෙන් එකට සිටිය දී තමා දූෂණය වූ බව ඇය හෙළිකර තිබේ.

මේ ගැන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පොලීසියට කළ දැනුම් දීමකට අනුව සිසුවාව පෙරේදා (24) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බාල වයස්කාර තැනැත්තියක් සමඟ කැමැත්තෙන් එකට සිටිය ද එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකෙන බැවිනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com