www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කෝටි 5 කට වඩා අධික මිලකට නිවසක් ගත් බන්ධනාගාර ලොක්කෙක්. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වීමට තරඟයක්.


2022-09-23 07:53:05 -  125 යි

ඉහල පුටුවලට යාමට ඉහල  නිලධාරීන් අතර දැවැන්ත තරගයක් තිබේ. එම තරගය නිර්මාණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා 2006 වර්ෂයේදී අණපනත් වෙනස් කර ඔහුට අවශ්‍ය ලෙස පත්වීම් සහ උසස්වීම් ලබාදීම සදහා කටයුතු කිරීමත් සමගය. නමුත් නීති විද්‍යාවට අනුව එසේ කිරීමෙන් සමාජයට යහපතක් ඇති නොවේ. නීතිවිද්‍යාව යනු ලංකාවේ නීතිය නොවේ. නමුත් ලංකාවේ අනෙකුත් කටයුතු සේම අනපනත්ද නිර්මාණය වී තිබෙන්නේ නීති විද්‍යාවට එරෙහිව ගොසිනි.

කෙසේ නමුත් මහින්ද චින්තනයේ “සිස්ටම් චේන්ජ්” එක දැන් අප මනාව අත් විදින්නෙමු. සමාජය, ආර්ථික මෙනම් දේශපාලනයද කඩා ඉහිරී ගොස් පන නැති මිනිසුන් කොටසක් බිහි වෙමින් තිබේ. මහින්ද චින්තනයේ ප්‍රතිපලයෙන් උපන් වැඩ බැරි ටාසන්ලාගේ ක්‍රම වලින් බන්ධනාගාර දෙපාර්තෙම්න්තුවට සිදුව ඇති දේවල් පිලිබදව අප මීට පෙරද වාර්තා කර තිබේ. ඉදිරියට වාර්තා කරනු ඇත. එසේ තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය නිරන්තරයෙන්ම අප ආරක්ෂා කරනු ඇත.

අප මෙම අනාවරණයන් සියල්ලම සිදුකරන්නේ යහපත් බන්ධනගාර නිලධරීන් සහ රටේ යහපත උදෙසාය. අපගේ එම අනාවරණයන්  වගකිවයුතු අංශ රැසක අවධානය  බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමුව තිබීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි . එහෙත් මෙවර අනාවරණය බෙහෙවින් වැදගත් එකකි.

 තුෂාර උපුල්දෙණිය යනු බන්ධනාගාර ඉතිහාසයේ ලාබාලතම කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස හැදින්වීම නිවැරදි විය හැකිය. දැන් ඔහුට ලැබිය යුතු උපරිම තනතුර ලැබී තිබේ. කෙසේ නමුත් දැන් ඔහු වෙනුවෙන් ලියා ඔහුව උඩට ගැනීමෙන් පලක් නොවේ. තවත් යාමට අතනතුරක් ඔහුට නැත.  තනතුරට අවශ්‍ය සියලුම සුදුසුකම් උපරිමව ඔහු සතුව් තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.  

කෙසේ නමුත් මේ වනවිට ඔහු තනතුරින් පලව හැරීමට තවත් කෝටිපති නිලධරියෙකු ඇමති වන්දනාවේ යන බවද කිය වේ. ඔහු බන්දනාගර තුල සියලුම වැඩකටයුතු අවුල් කරන බවද කියවේ. බයිසිකල් හැඩල් නමින් හදුන්වන එම උසස් නිලයක් දරණ පුද්ගලයා චෝදනා රැසක් එල්ලවූ අයෙකි. ඔහු විසින් තුෂාර උපුල්දෙනියගේ නොමැති වැරදි රජයේ උසස් නිලදාරින්ට මෙන්ම ඇමති වරුන්ටද පවසමින් මේ දින වල කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බව දේශපාලන මෙන්ම බන්දනාගර ආරංචි මාර්ග පවසයි.

තම උසස් නිලදාරියාට එරෙහිව කටයුතු සිදුකරන මෙම නිලදාරියා ගැන සෙවීමට අප උත්සාහ කළේය.  තොරතුරු සොයා ගැනීමට හැකි විය. නීතිය ක්‍රියාත්මක කිරීම වගකිවයුත්තන් සතුය.

හෝකන්දර පංච පුද්ගල ඝාතනය සිදුවූ නිවස අසලින් වැටී ඇති මාර්ගයේ ඉදිරියට යන විට මුණ ගැසෙන උත්සව ශාලාව අසල පිහිටි වෙන්දේසි ඉඩමේ වෙල අසල සිට ඉහලට පිහිටි තුන්වෙනි සුඛෝපබෝගී නිවස කාගේද?. රුපියල් කෝටි 5කට මිලදී ගන්නට මුදල් ලැබුනේ කෙසේද ?සුද්ද පවිත්‍ර කිරීමට යොදාගත්තේ වැලිකඩ සිරගෙදර කව්ද?. මේවා සෙවිය යුත්තේ අපද?. අල්ලස් කොමිසමේ පැමිණිලි චෝදනා තිබියදී උසස් වීම් ලබාගත්තේ කෙසේද?. ඒ සියල්ල ඉදිරියේදී අනාවරණය කරනු ඇත.

මෙතරම් චෝදනා රැසක් සහිතව බන්දනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පන්නා එම  පුටුවේ වාඩි වීමට උත්සහ දරන මේ නිලධාරියා ගැන නිහඬ ඇයි. කෙසේ නමුත් “ශ්‍රී රාවණා බුද්ධි සේවය” මේ සියල්ල පසු පස හඹා යමින් සිටී.  තම ආයතනයේ ප්‍රධානියාට විරුද්දව වැඩකරන නිලධාරින්ගෙන් ආයතන ප්‍රධානියාට තර්ජනයක් නැද්ද?.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com