www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අතදරුවාට කිරි පැකට්ටුවක් ගන්න නෙළුම් අල හාරයි.. කෑම නැති නිසා අනෙක් දැරිය පාසැල් නොයයි…


2022-09-21 13:40:48 -  114 යි

මවට මව්කිරි නොඑරීම නිසා වෛද්‍යයවරුන් විසින් මාස එකහමාරක ළදරුවාට නියම කරන ලද කිරි පැකට්ටුව මිලදී ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් එම මුදල් සොයා ගැනීමට යුවලක් විසින් නෙළුම් අල හාරන පුවතක් දිඹුලාගල දළුකාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

දලුකාන වැව අසල තිබෙන වලක නෙළුහ් අල හාරා ඉන් ලබා ගන්නා මුදලින් කිරි පැකට්ටුවක් ලබාගන්නා බව මව සහ පියා කියා සිටිති.

පියා කුලීවැඩ රැකියාවේ නිරත වූවෙකු වන අතර දැනට මාස කිහිපයකට පෙර ඔහු පලංචියක ඇද වැටී ආබාධිතව සිටි නිසා වෙනත් රැකියාවක් කර ගැනීමටද නොහැකිය.

6 වසරේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි අනෙක් දැරියද දින කිහිපයක් පාසල් යැවීමට නොහැකි වූයේ ඇයට කෑම බීමක් ලබා දීමට නොහැකි වූ නිසා බව ද මව සඳහන් කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com