www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස්පතිගේ යාලුවා වෙනුවෙන් ලංකාවේ නීතිය දඬු කඳේ ගහයි. ලග්ගල පොලිසිය අධිකරණයත් නොමග යවලා.


2022-09-20 12:39:30 -  166 යි

අපගේ පුවත් වාර්තා කිරීමේදී ප්‍රධානතම ඉලක්කය වන්නේ සමාජයේ පීඩිතයන්  විමර්ශනාත්මක පුවත් වාර්තා කිරීමයි. සියලුම වාර්තා කිරීම් වලදී නාමයන් වුවද වාර්තා කරන්නේ නඩුවකට යාමට අවශ්‍ය වුවහොත් ඒ සදහාද සියලුම දේ සූදානම් කරගෙනය. එසේ නමුත් සියලුම සාක්ෂි ලැබුනත් මානුෂීය හේතුන් මතද නම්, ගම් සදහන් නොකරන අවස්ථාද තිබේ. මේ කතාව තුලින් සෘජුවම පොලිස්පතිවයාට ඇගිල්ල දිගුවන අතර සිද්ධියට සම්බන්ධ ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා වර්තමාන පොලිස්පති වික්‍රමරත්න මහතාගේ හිටපු පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවද, ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ සමීප ඥාතියෙකු බවද කියවේ. කෙසේ නමුත් පොලිස්පතිවරයා නිවැරදි සෑම අවස්ථාවකම අප ඔහු වෙනුවෙන්ද වචන හරඹ කර තිබේ.  පොලිස්පති මේ සදහා සම්බන්ධ නැතිනම් ඒ සදහාද පුළුල් ප්‍රචාරයක් ලබා දීමද අප විසින්ම සිදුකරනු ඇත.

පොලිස්පතිගේ යාළුවාට නිතිය නමන හැටි.

**ලග්ගල පොලිසිය මැනික් වයාපාරිකයකු හා බාර් හිමියකු වන ලග්ගල කරුණේ මුදලාලිගේ  උවමනාවට නිතිය නවන හැටි…..

**නඩු පවරන්න අමුතුම කලාවක්…..

**එක වරදකට දඩ දෙකකට නියම වේ…..

***තමාට පොලිසියේ ලොක්කන් අවනත නිසා ඕ.අයි.සී හා එස්.එස්.පී ඕනැම දෙයක් කරන බව කරුණේ මුදලාලිත් ගමේම රගයි…. පොලිස්පතිත් මගේ හොදම යාලුවෙක් කියයි***

**-කරුණේ මුදලාලිගේ සන්තෝෂම් වලට යටවු ඕ.අයි.සී රණවීර අනෙක් වයාපාරිකයන්ට එලව එලවා බොරු නඩු පටලවයි….**

**-එස්.එස්.පීත් OIC ගේ පදයට නටන නිසා පැමිණිලි කිරිමට තැනක් නැතිව වයාපාරිකයන් අසරණ වේ….***

පලමු සිද්ධිය

ලග්ගල දේවාලදෙනියේ හත්තොටඅමුණ ප්‍රදේශයේ මැණික්  හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් මත මැණික් ගැරීමේ නිරත ඉඩමක මෙම බදාදා (14) ලග්ගල පොලිසිය අමුතුම වැටලීමක් කර ඇත .

      එම බලපත්‍රලාභියා යෙදවු බැකෝ යන්ත්‍රයකින් කැනීම් කරද්දී කුඹුරු ඉඩම් වලට වතුර ගලා බසිනා ඇල ඉවුරේ පස් වැටි කැඩී ගොස් ඇතැයි චෝදනා කරමින් මෙම ඉඩමේ සිටි සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. එහිදී  ජී.ජි පියදාස ,ධම්මික පෙරේරා ,දේශප්‍රිය නිශ්ශංක ,සුමිත් ගුණසේකර යන පුද්ගලයන්  අත් අඩංගුවට ගෙන පොදු දේපල හානිකිරිමේ පනත යටතේ පසුගිය බ්‍රහස්පතින්දා (15) නාවුල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබිණි. මෙහි විශේෂත්වය නම්මෙම ඉඩමේ මැණික් ගැරීමට බලපත්‍රය ලබාගත් වයාපාරිකයා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කල බවට කියමින් මැණික් හා ස්වර්ණාභරණ අධ්කාරියේ නිලධාරින් මෙම වැටලීමට පෙර දිනයේ (සැප්තැම්බර් 13) දඩයක් නියම කර තිබියදි  ලග්ගල පොලිසිය පසුදින එම චෝදනාවට ම යලිත් නඩු පැවරීමට කටයුතු යොදා තිබීමයි. කෙසේ නමුත් පොදු දේපල පනතින් අවශ්‍ය නඩු පැවරීමට හැකියාව ඔවුන්ට තිබෙන අතර එම පුද්ගලික ඉඩම් නම්, මැණික් හා ස්වර්ණාභරණ අධ්කාරියේ බලපත්‍රයක් හිම් අයෙකු නම් එහි කොන්දේසි උල්ලංඝනය කල බවට සාධක තිබේද නැද්ද යන්න දන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විනා ශ්‍රී ලංකා පොලිසිය නොවේ.මේ නිසා එකම වරදකට රාජ්‍ය ආයතන දෙකකට දඩ ගෙවිමට සිදුව ඇත්තේ මේ දූෂිත පොලිස් නිලධාරින් නිසාය.

නමුත් පළාතේ තිබෙන පතල් විශාල ප්‍රමාණයක හිමිකරු වන්නේ මෙම කැරුණේ නැමති පුද්ගලයාගේ බවට ද තොරතුරුද ලැබී තිබේ.අත් අඩංගුවට ගෙන ඇති සිව්දෙනා නිකරුණේ රිමාන්ඩ් කරවිමේ පොලිස් සැලසුම පසුපස ඇත්තේ පලාතේ සියලු පතල් කරුණේ මුදලාලිට ලබා ගැනීම සඳහා ගම්මුන් වක්‍රාකාරයෙන් බියවැද්දවිමක් බව මේ ප්‍රදේශයේ අනෙකුත ව්‍යාපාරිකයන් සියලුම දෙනා ප්‍රකාශ කරයි.

දෙවෙනි සිද්ධිය.

ඉහත පළමු  සිද්ධියට දින කිහිපයකට පෙර (10 සෙනසුරාදා) ලග්ගල පොලිසිය මෙවැනිම තවත් දෙයක් හත්තොටඅමුණ ප්‍රදේශයේ මැනික් බලපත්‍රයක් මත මැණික් ගැරීමේ නිරත වූ වයාපාරිකයකුටද සිදුකර තිබේ.

සුකිරි මුදලාලි නමින් ප්‍රසිද්ධ වයාපාරිකයකු විසින් යු.ජි මුදියන්සේ නමැති අයගේ ඉඩමේ මැණික් ගැරීමේ නිරත මොහොතේ පොලිසිය වැටලීමක් කරන්නේ ප්‍රධාන මාර්ගයට හානිසිදුකර ඇති බව චෝදනා කරමිනි. පොදුදේපල පනත යටතේ එම ස්ථානය කැනිම් කල බැකෝ රියදුරකු  අල්ලා අධිකරණය වෙත යොමු කර රිමාන්ඩ් කරවිමේ පොලිස් සැලසුම එහිදිත් ක්‍රියාත්මක වී තිබේ. කෙසේ නමුත් නාවුල මහේස්ත්‍රාත් ගේ නියෝග මත මාර්ග සංවර්ධන අධිකාරියේ නාවුල කාර්‍යාලය වෙතින් කැදවු වාර්තාව බදාදා (සැප්තැම්බර් 14) මහේස්ත්‍රාත් වරයා වෙත ලබා දී තිබේ. එහිදි මාර්ගයට කිසිදු හානියක් කර නොමැති බව හෙලිවන අතර පොලිසියේ උවමනාවට නිකරුණේ සිරගත කල බැකෝ රියදුරු හට ඇප නියම විය. යමෙකුට නඩුවක් පැවරීමට පෙර අවශ්‍ය සියලුම සාක්ෂි සපයාගෙන නඩු පැවරීමට කටයුතු කල යුතු බව පැහැදිලිවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ සදහන්ව තිබේ. එසේ නොමැතිනම් ඔවුන් නිදහස් කල යුතුය.

තෙවන සිද්ධිය

පසුගිය ජුලි 26 දා ලග්ගල පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ අයුරින්ම තවත් මැණික් වයාපාරිකයන් තිදෙනකු වන මලින්ත රත්නායක ,මධුසංඛ උදයකුමාර,සුනිල් සිරිවර්ධන යන අයවලුන් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. ඒ ඉන්ධන කෝටා ක්‍රමය හදුන්වා දීමට පෙර කරුණේ මුදලාලිට පොලිස් සහායෙන් ඩිසල් බැරල් පොලිස් ජිප් රථයෙන් ප්‍රවාහනය කිරිමේ සිද්ධියට මෙම තරුන වයාපාරිකයන් තිදෙනා විරෝධය පෑ නිසාය. රාජකාරියට බාධාකල බව කියමින් අසාධාරණයක් වෙනුවෙන් හඬ නැගු එම වයාපාරිකයන් රිමාන්ඩ් භාරයට පත් කරමිනි.  

සුකිරි මුදලාලිගේ බැකෝ රියදුරුහට නඩුදමා බියවැද්දවිමක් කරන්නේත් එම වයාපාරිකයන් තිදෙනා විරෝධය පැ දිනයේ ඔහු එතන සිටි තවත් වයාපාරිකයකු බව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරන නිසා බවද ඔවුන් සදහන් කරන අතර “ලග්ගල පොලිස් ස්ථානාධිපතිගේ” වැරදි වැඩ වලට එරෙහිව නීතියක් නොමැති බැවින් ඔහුගේ හැසිරීම සිදුවන්නේ “පාතාල සාමාජිකයෙකු නොහොත් ගෝත්‍රික පොලිස් නිලධාරියෙකු” සේ බවට අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ පොලිසිය නීතිය නමන්නේ තමන්ගේ හිතවතුන් වෙනුවෙනි. කැරුණේ මුදලාලි පොලිස්පතිගේ සමීප හිතවතෙකු බව ඔහු ප්‍රකාශ කරන හඬ පටිගත කිරීම් අප වෙත ලැබී තිබේ. එසේම කරුණේ මුදලාලිගේ නීතිවිරෝදී පතල් කර්මාන්තයට අදාළ වීඩියෝ දර්ශනද අප මේ වන විටත් ලබාගෙන අවසන්ය. ලග්ගල පොලිස් ස්ථානාධිපතිට සහ ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාටද ඔවුන්ගේ ළමයින්ගේ, බිරින්දෑවරුන්ගේ සනීපාරක්ෂක තුවායේ සිට අනෙකුත් සියලුම දේවල් සදහා වැටුප් ගෙවන්නේ මෙරට පීඩිත පන්තියේ දුක් විඳින මිනිසුන්ය. මැණික් කර්මාන්තයෙන් ද සිදු වන්නේ මෙරටට නැවත ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ඉහල නැංවීමයි. පොලිස්පති ඇතුළු අනෙකුත් නිලධාරීන්ට දූෂිත ව්‍යාපාරිකයන් වැටුප් ගෙවන්නේ නම් කල යුත්තේ මහජනතාවගේ “පොලිසිය විනාශ නොකර” තවත් පව් පුරවා නොගෙන පොලිස් සේවයට සමු දීමයි. නමුත් පොලිස්පතිගේ නාමය විකුණා මේ පොලිස් ස්ථානාධිපති සහ කරුණේ මුදලාලි විසින්ම මේ දූෂණය කරගෙන යන්නේ නම් වහාම ක්‍රියාත්මක වී තමන්ගේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම පොලිස්පතිවරයාගේ වගකීමක් මෙන්ම මහජනතාවගේ පොලිස්පති තනතුරේ ගරුත්වය ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමද පොලිස්පති වික්‍රමරත්න මහතාගේ වගකීම වේ.

සිදුවන්නේ කුමක්ද යන්න දෙස  අපගේ ලග්ගල ප්‍රදේශයේ කණ්ඩායම බලා සිටි. කුමක් වුවත් මේ පිලිබඳව වගකිව යුතු නිසි බලධාරියාද පොලිස්පතිවරයාම වේ.     

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com