www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විශේෂ කාර්ය බලකාය පාලනය කරන සිවිල් කාන්තාවක්.


2022-09-18 06:07:56 -  142 යි

STF ස්පෙෂල් ටස්ක් ෆෝස් එම අකුරු තුනේ ඉංග්‍රීසි තේරුමයි. එහි සිංහල අරුත වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය යි. එහෙත් මෙම නාමය මේ වන විට වෙනස් කිරීමට මූලස්ථාන දූෂිත නිලධාරීන් සහ සිවිල් නිලධාරිනියක කටයුතු කර හමාරය.

ඉංග්‍රීසි තේරුම සමන්තා ටී ෆැක්ටරි ලෙස වෙනස් කොට බලකායේ විනාශ මුඛයට ඇද දැමීම ගැන බලකායට ආදරය කරන නිලධාරීන් බොහෝ කලකිරීමට පත් වී තිබේ. මෙම දූෂිත ක්‍රියා සියල්ල දැනුවත්ව සිටින බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සිවිල් නිලධාරිනියට බිය වී සිටින්නේ ඔහු ද එම තනතුරෙන් ඉවත් කිරීමට වුවද ඇය සතුව තිබෙන විශේෂ හැකියාවක් බැවිනි.

අතට පයට මෙහෙකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තබා ගෙන සිටීමද විශේෂත්වයකි. ඇයට අසනීප තත්ත්වයක් ඇති වුවහොත් බත් කැවීමට ද උසස් නිලධාරියෙකු සිටීම පොලිස් විශේෂ කාර්ය බළකාය තුළ ප්‍රසිද්ධ රහසකි. මෙම දූෂිත සිවිල් නිලධාරිනිය වසර දහයකට අධික කාලයක් එකම ස්ථානයේ රැඳී සිටිමින් සිදුකරන මෙම ක්‍රියාවන් වලට උඩගෙඩි දීමටත් මානව සම්පත් කළමනාකරණ ඒකකයේ උසස් නිලධාරියෙකු කටයුතු කරමින් සිටී.

සිවිල් නිලදරිනියගේ ක්‍රියාවලට විරුද්ධ වන ඕනෑම අයකු ස්ථාන මාරු කිරීමට මානව සම්පත් නිලධාරියා කටයුතු කරනු ලබයි. මේ වන විටත් නිලධාරීන් රැසක් ස්ථාන මාරු කර ඇත්තේ අභූත චෝදනා නගමින්ය. අවශ්‍යතාවයන් වලට මූලස්ථානයට පැමිණ ඕනෑම නිලයකට තම කාර්යය ඉටුකර ගැනීමට මෙම සිවිල් නිලධාරිනියට අල්ලස් දීමට සිදුවීම ද සෝචනීය කරුණකි.

එහෙත් කිසිවකුත් ඒ පිළිබඳව සිවිල් නිලධාරිනියට විරුද්ධව කථා නොකරන්නේ කතා කළ අයෙකුට නවතින්නට වන්නේ ලංකාවේ කෙරවලක බව දන්නා නිසාවෙනි. සිවිල් නිලධාරිනියගේ අභිමතය පරිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ කටයුතු මේ වන සිදුවන අතර ඒ සම්බන්ධයෙන් අවංකව රාජකාරි කරන උසස් නිලධාරීන් රැසක් කළකිරීමට පත්වී තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ බිරිඳගේ හොඳම යෙහෙළිය වන මෙය මැය ගේ ක්‍රියාකලාපය තවදුරටත් ඉවසා දරාගත නොහැකි බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසයි. මෙම දුෂිතයන් පිළිබඳව තොරතුරු රැසක් අප සතුව තිබෙන බැවින් දිගින් දිගට ම ඒවා අනාවරණය කිරීමට අප බලාපොරොත්තු වෙමු.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com