www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පලෙයි ඉඩම් හමුදාවට දෙන්නේ නෑ - ඩග්ලස් දේවානන්ද


2022-09-14 06:55:44 -  146 යි

පලෙයි ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් හමුදාවට ලබා දීමට කටයුතු කරන බවට පලවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ජනතාව තුළ වෛරීසහගත හැගීම් මතුකරන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන කණ්ඩායම් වල මෙවැනි ප්‍රකාශ මාධ්‍ය තුල පල කිරීමේදී මාධ්‍ය ආයතන මීට වඩා වගකීමෙන් ක්‍රියාකල යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පලෙයි පච්චිමලෙයි පල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් මෙම ඉඩම් කිලිනෙච්චි හා යාපනය දිස්ත්‍රික්කයේ වෙසෙන ඉඩම් නොමැති ජනතාවට හා අතුරුදහන් වුවන්ගේ ජනතාවට බෙදා දෙන ලෙස තමන් අවස්ථා කිහිපයකදී රජයට යෝජනා කරමින් සිටින බවද හමුදාවට කදවුරු සකස් කිරීමට දැනටමත් බොහෝ ඉඩම් ප්‍රමාණයක් ඇති බවද මෙම ඉඩම් ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට පිවර ගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com