www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

60ට වැඩි වයසක ලොක්කෝ විශ්‍රාම ගැන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල කාර්යාලයට


2022-09-12 07:30:37 -  326 යි

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමුකර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය සිකුරාදා දිනයේ දී අදාළ සංශෝධන ඇතුළත් සංදේශය මෙලෙස යොමුකිරීමට පියවර ගත් බවය.

ඒ අනුව අද (12) දිනයේ හෝ එළඹෙන අමාත්‍ය මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගනු ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.

වයස අවුරුදු 65ක්ව පැවති රාජ්‍ය සේවයකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් අවුරුදු 60 දක්වා අඩු කරනු ලැබීය.

කෙසේවෙතත් වෛද්‍ය, හෙද, සහ ඉංජිනේරුවරුන් හැර අනෙකුත් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයින් මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් විශ්‍රාම ගත යුතු බව එහිදී යෝජනා කෙරුණි.

මීට අදාළ චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙනු ඇත.

මේ අතර විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව අවම කිරීම හරහා මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට රාජ්‍ය සේවකයින් 20,000ක් පමණ විශ්‍රාම ගැන්වීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com