www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මත්ද්‍රවය ජාවාරම්කරුවන් සමග සබඳකම් පවත්වන දූෂිත විශේෂ කාර්ය බලකා නිලධාරින්.


2022-09-11 08:35:37 -  184 යි

ලෝකය පුරා බොහෝ රටවල්වල නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දූෂණ විශාල වශයෙන් දක්නට ලැබේ. විශේෂයෙන්ම මත්ද්‍රවය සහ අපරාධවලට අදාළ කාටයුතුවලදී මෙසේ දූෂණ දක්නට තිබේ. විශේෂයෙන්ම මත්ද්‍රවය සම්බන්ධ දූෂණ සොයාගැනීම්වලදී දූෂණ වර්ග දෙකක් පවතින බව සොයාගෙන තිබේ. ඉන් එකක් වනුයේ “නීත්‍යානුකූල නොවන අරමුණු සදහා කරන දූෂණය” සහ දෙවැන්න “නීත්‍යානුකූල අරමුණු වෙනුවෙන් අපරාධ යුක්ති ක්‍රියාවලියේදී භාවිතය” යි. කෙසේ වෙතත් එහිදී දූෂණය සිදුවන්නේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීම, බොරු සාක්ෂි දීම, සහ මත්ද්‍රවය නීතිය බලාත්මක කිරීමට පහසුකම් සැලසීමේ මාධ්‍යයන් ලෙස සාක්ෂි සපයා ගැනීම ආදිය මෙහිදී දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම වර්ග දෙකටම අයත් විනිවිද යන පොදු සාධක අටක් තිබෙන බව සොයාගෙන තිබේ. ඒවා නම් අවස්ථා ව්‍යහය, විශ්වාසය අහෝසි කිරීම, තර්කිකකරණය, අනාරක්ෂිත සාධක, රහෂ්‍යභාවය, නීතිවිරෝදී මත්ද්‍රවය වෙළදාමේ වෙළදපොල බලවේග, ප්‍රමාණවත් නොවන සංවිධානාත්මක පාලනයන් සහ දූෂණ රටා වල නොනැසී පැවතීම ආදියද පුළුල් විග්‍රහයන් වලට ලක් වියයුතු මාතෘකාය.

කෙසේ වෙතත් අප ඉහත අංක එක ලෙස සදහන් කරන ලද මත්ද්‍රවය දූෂණයක් වන  “නීත්‍යානුකූල නොවන අරමුණු සදහා කරන දූෂණය” යන කොටසට අයත් පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටින අතර ශ්‍රී ලංකා නාවික හමුදාවටද අප පළමු වරට චෝදනා එල්ල කරන්නේ මහා මුහුද මද සිදුවන මත්ද්‍රවය වෙළදාමක් පිලිබඳවය. කෙසේ වෙතත් ඒ පිලිබදව සත්‍ය තොරතුරු සාක්ෂි සහිතව අප ඉදිරියේදී හෙළිකරන අතර මේ සටහන තබනෙන් එසේ දූෂණයන්ට අදාළ විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් පිළිබඳවය. මීට පෙරද ශ්‍රී ලංකාවේ මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ බවට සක පිට පොලිස් මත්ද්‍රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකුද අත් අඩංගුවට පත් විය. 2020 නොවැම්බර් 24 වැනි දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් නිල සහ පුද්ගලික වාහන යොදාගෙන මත්ද්‍රවය ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රවය තොග සහ ජාත්‍යන්තර මුහුදේ සිට බෝට්ටු මගින් රැගෙන ආ මත්ද්‍රවය තොග  ප්‍රවාහනය කර ජාවාරම්කරුවන්ට බාර දී ඇති බවයි. නඩුවක් විභාගයේදී සාක්ෂි මත ඔවුන් වැරදි කරුවන්ද නැතිද යන්න තීරණය කරන නමුත් එවැනි බොහෝ නිලධාරීන් කෝටි ප්‍රකෝටිපතියන් වුයේ කෙසේද යන්නද සෙවිය යුතුය.

 අපගේ මෙම පුවතට අයත් මත්ද්‍රවය  ජාවාරමට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලයක් නිසාද සාධාරණ ලෙස රාජකාරිය සිදුකරන පොලිස් නිලදාරීන්ගේ ජිවිත අනතුරේ බව පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලදාරීන් පවසති. එංගලන්තයේ සහ ප්‍රංශයේ සිටින ජාවාරම් කරුවන් දෙදෙනෙකු සමග දිනපතා සංවාදයේ යෙදෙන චෝදනාවට ලක්වන නිලදාරියා බන්දනාගාර ගතව සිට නැවත රාජකාරියට පැමිණි අයෙකි. දැනට බුස්ස බන්දනාගාරයේ රදවා සිටින ලංකාවේ අංක එකේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සමග දුරකථන සංවාද 600ක් සිදු කර ඇති බවටද පෙර කල විමර්ශන වලදී හෙළිවී තිබේ. කෙසේ නමුත් එම නිලධාරියා නිසා රාජකාරිය සිදුකිරීමට නොහැකි බවද වාර්තා වේ. එවැනි දූෂිත නිලධාරීයෙක්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?. අරගලකරුවන් පමණද කුඩ්ඩන් වන්නේ. අප මීට පෙර සම්පත් නමැති නිලධාරියෙකු ගැනද වාර්තා කරන ලදී. ඔවුන් ඇතුලු වැටලීම් වලට සම්බන්ධ දූෂිත නිලධාරීන් රාශියකගේ තොරතුරු රාශියක් අප සතුව තිබේ.

මෙම බලකායේ දූෂිත නොවූ නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙවැනි දුෂිතයින් පලවා හැර අවංකව රාජකාරි කිරීමට වටපිටාව සකස් කරදෙන ලෙසටයි. එහෙත් එවැනි වට පිටාවක් සකසනවා වෙනුවට ශ්‍රී ලංකාව නැවතත් අරගලයකට ගෙන යාමට නම් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කරමින් සිටිති.

වීඩියෝව මෙතැනින් බලන්න.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com