www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාදුක්ක, පින්නවල 14 වන වියේ දැරියක් සමග තරුණයින් 5ක් සෙක්ස් කරලා.. - පාදුක්ක පොලිසිය


2022-09-08 07:00:23 -  1122 යි

පාදුක්ක, පින්නවල ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බව කියන තරුණයින් 5 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් මත අදාළ දැරිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පාදුක්ක පොලිසිය වෙත යොමු කර තිබේ.

ඒ අනුව, දැරිය සහ ඇයගේ මව අද (සැප්. 7) පාදුක්ක පොලිසිය වෙත අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

පොලිසිය සඳහන් කළේ, දැරියගේ ප්‍රකාශය අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කරන තරුණයින් 5 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ය.

සැකකරුවන් වයස අවුරුදු 19, 20, 22 සහ 27 වන වයස්වල පසුවන තරුණයෝ වෙති.

අපයෝජනයට ලක් වූ බව පැවසෙන දැරිය 14 වන වියේ පසුවන බව පොලිසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරට ත් පැහැදිලි කරමින් පාදුක්ක පොලිසිය ප්‍රකාශ කළේ අදාළ දැරිය, ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ තරුණයෙකු සමග පැමිණ ඇති අතර එහිදී ඇය අපයෝජනයට ලක් වී ඇති බවට ත් පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ද දැරිය අපයෝජනය ලක් කර ඇති බවට ත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

සැප්. 3 වන දා අදාළ සිද්ධිය සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, දැරියගේ ප්‍රකාශය අනුව ඇය සමූහ අපයෝජනයට ලක් වී ඇති බවට සැක කරන බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව ත් පොලිසිය පැවසීය.

පාදුක්ක පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇය අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන බව ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com