www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අසැබි දර්ශන නීතිගත කිරීමට සැරසේ


2022-09-08 06:48:21 -  532 යි

පුරවැසියන්ට සිතීමේ, කථනයේ සහ ප්‍රකාශනයේ නිදහස ලබාදෙයි

කාමුක දර්ශන සහ ශෘංගාරාත්මක දර්ශන නීතිගත කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය ගැනීමට අත්සන් 25,000ක් එකතු කරන ලද පෙත්සමකට ප්‍රතිචාර වශයෙන් යුක්රේන නායකයා මෙම පියවර ගෙන ඇත.

ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් යුක්රේන පුරවැසියන්ට සිතීමේ, කථනයේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා අයිතිය ලබා දෙන බව සෙලෙන්ස්කි සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම විධිවිධානය වෙනත් දේ අතර, මහජන සදාචාරය ආරක්ෂා කිරීම පිළිබඳ නීතියකින් සීමා වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com