www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කළුතර මුහුදු වෙරළට ගොඩගැසූ නාදුනන මල සිරුර


2022-08-28 09:54:37 -  245 යි

නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කළුතර මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කළුතර – උතුර, කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී ඊයේ (අගෝ. 27) පස්වරුවේ එම මළ සිරුර සොයාගත් බව ය.

අවුරුදු තිස් පහත් හතළියත් අතරේ පසු වන බවට සැක කෙරෙන මිය ගිය පුද්ගලයාගේ උස අඩි පහයි අගල් හයක් පමණ වන බවට අනුමාන කෙරේ.

කෙසේ වෙතත්, එය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ තවමත් තොරතුරක් අනාවරණය වී නොමැති අතර කළුතර – උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com