www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ළදරුවාගේ බඩගින්නට පිටි ටින් එකක් සොරකම් කළ පියා අත්අඩංගුවට


2022-08-17 09:44:53 -  172 යි

අලුත්ගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 3,100ක් වටිනා ළදරු කිරිපිටි ටින් එකක් සොරාගත් 30 හැවිරිදි ධීවර පියෙකු අලුත්ගම පොලිසිය මගින් ඊයේ (අගෝ. 16) අත්අඩංගුවට ගෙන ඇත.

වසරකුත් මාස අටක් වයසැති සිය කුඩා දරුවාගේ බඩගින්න නිවා දැමීම සඳහා එම කිරිපිටි ටින් එක සොරාගත් බව ඔහු පොලිසිය හමුවේ හඬා වැටෙමින් පවසා තිබේ.

සැකකාර පියා එම සුපිරි වෙළෙඳසල වෙත ගොස් කිරිපිටි ටින් එක රැගෙන එය ඔහු හැඳ සිටි කමිසය තුළ සඟවා ගැනීමට උත්සාහ ගැනීමේදී එහි සේවිකාවක් මේ සිද්ධිය දැක එහි සිටි ආරක්‍ෂක නිලධාරියෙකුට දැන්වීමෙන් අනතුරුව සැකකාර පියා අල්ලා පොලිසියට භාර දී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com