www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දහතුන් හැවිරිදි දියණියකට හදිකළ පහක් පොලිස් ඉවෙන් මාට්ට


2022-08-16 14:57:09 -  279 යි

වයස අවුරුදු 13ක පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය සමත් වී ඇත. තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ජාතික ළමා රක්ෂණ අධිකාරියට ලද තොරතුරක් මත ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ. අතවරයට ලක්වූ බව කියන දහතුන් හැවිරිදි පාසල් සිසුවිය පොලිස් භාරයට ගෙන ඇයගෙන් ලබාගත් ප්‍රකාශ අනුව මෙම ළමා අපරාධ පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා ලග්ගල ගලේයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහනවයේ සිට තිස්නවය දක්වා වයස් පරතරයන්වල අයවලුන් බවත් එයින් වැඩි දෙනා විවාහකයන් බව පොලිසිය සඳහන් කරයි.

දැරිය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ලග්ගල ප්‍රදේශ ඉතා දිළිඳු පවුලක ජීවත් වන මෙම බාල වයස්කාර දැරිවිය මිත්තණියගේ භාරකාරත්වයේ හැදී වැඩී ඇත. දියණියගේ මව සහ පියා ද එම ගම්මානයේ ම ජීවත් වන බවත් ඔවුන් අතර නිතර නිතර අඬදබර ආරවුල් පොලිසියට වාර්තා වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. වයෝවෘද්ධ මිත්තණිය සමග පාසල් ගමන යන දහතුන් හැවිරිදි බාල දැරිය ඉතා සූක්ෂම ලෙස සංවිධානාත්මකව කණ්ඩායම රවටා ගෙන මාස ගණනාවක සිට ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් උපයෝගී කරගෙන දැරිය අපයෝජනයට ලක් කොට තිබෙන බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com