www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

13 හැවිරිදි බාල වයස්කාර නෑනාට අතවර කළ මස්සිනා රිමාන්ඩ්


2022-08-12 11:34:00 -  698 යි

දැඩි අසනීපයෙන් පසුවන තම බිරිඳට සාත්තු සප්පායම් කිරීම සඳහා යැයි බිරිඳගේ බාලවයස්කාර නැගණිය  (බාල නෑනා) තම නිවසට කැඳවාගෙන පැමිණ ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මස්සිනා අගෝස්තු මස 16 වැනි දින දක්වා රක‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය.

සැකකරුට එරෙහිව දුන්ගාල්පිටිය පොලිසියේ උප පොලිස් පරීක‍ෂක ජයරත්න සිල්වා මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙහි සැකකරු වූයේ 20 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. සැකකරු ඔහුගේ බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක නෑනාගේ නිවසට (මහගෙදරට) ගොස් ඇත. එහි සිට ඇත්තේ 13 හැවිරිදි බාල වයස්කාර බිරිඳගේ නැගණිය (නෑනා) පමණකි.

පසුව සැකකරු තම බිරිඳ නංගිව (නෑනාව) කැඳවාගෙන ඒමට බිරිඳ තමාව එවූ බවට අසත්‍යයක් පවසා බිරිඳගේ නැගණිය රවටා කැඳවාගෙන පැමිණි ඇය බලෙන් දූෂණයට ලක්කර ඇත. වෛද්‍ය වාර්තාවෙන්ද එය තහවුරුවී ඇත.

උප පොලිස් පරීක‍ෂක ජයරත්න සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලීන් විලියම් මහතා පෙනී සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com

Share in Whatsapp