www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පැහැරගෙන ගිය 14 හැවිරිදි දැරිය STF මෙහෙයුමකින් මුදාගනී


2022-08-12 10:25:38 -  239 යි

ලුණුගල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි දැරියක් මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

මෙලෙස පැහැරගෙන ගොස් සිටියදී සොයාගෙන ඇත්තේ 14 හැවිරිදි වියේ පසුවන දැරියකි.

පසුගිය 03 වනදා මෙම දැරිය පැහැරගෙනගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ලුණුගල පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව පස්සර සහ ලුණුගල කඳවුරුවල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම ඒකාබද්ධ වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව පැහැරගත් දැරිය සහ එම දැරිය පැහැරගැනීම සිදුකළ සැකකරුවන් දෙදෙනා  ලුණුගල උඩකිරුව රක්ෂිතය තුළදී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි සහ 53 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

දැරිය ලුණුගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලීසිය වෙත භාරදී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com