www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හරක් කටා ඩුබායි ගුවන්තොටුපොළේදී කොටුවෙයි ?


2022-08-12 08:29:33 -  282 යි

ඩුබායි හි සිදුකළ රහසිගත වැටලීමකදී මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් "හරක් කටා" නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දිනපතා පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම මෙහෙයුම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලීසිය එක්ව සිදුකර ඇති බවය.

ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවද සඳහන්.

මේ අතර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් තනාගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් රටවල් කිහිපයක සංචාරය කර ඇති බවය.

එසේම "හරක් කටා" අවසන් වරට මාලදිවයින වෙත පැමිණ නැවත ඩුබායි බලා ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා නදුන් චින්තක හෙවත් "හරක් කටා" නැමැත්තා ම දැයි යන්න තහවුරු කරගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර ඇත.

පසුගිය කාලසීමාවේ මෙරට සිදුවූ වෙඩිතැබීම් මාලාවක මහමොළකරු වූයේද "හරක් කටා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාය.

"හරක් කටා" ඩුබායිහි සිට මැලේසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින ඇතුළු රටවල් රැසක සිටින වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිට ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com