www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආණ්ඩුවේ විරෝධය නොතකා චීන නැව බලෙන් හම්බන්තොටට.!


2022-08-09 22:54:23 -  215 යි

චීන යුආන් වැන්ග් 05 නෞකාවේ ලංකා ගමන අත්හිටුවන ලෙස ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබියදීත් එය නොතකා අදාළ නැව මේ වනවිටත් හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නෞකාව ඉන්දුනීසියා මුහුදු සීමාවේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය බලා ගමන් කරමින් ඇති බව ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය සදහන් කරයි.

හම්බන්තොට වරායට ළඟා වීමට එම නෞකාව ස්ථානගත වෙමින් ඇති බව බ‍්‍රහස්පතින්දා පෙරවරු 10.30 වන විට එය හම්බන්තොටට ලගා වනු ඇති බවද එම වාර්තාව සදහන් කළේය.

නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය දැඩි විරෝධය එල්ල කර ඇති අතර එම හේතුව මත ශ්‍රී ලංකාවද චීන රජයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකාවේ ගමන මදක් පසු කරන ලෙසටයි.

එහෙත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ඒ ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වලට ඉන්දියාව අත පෙවිය යුතු නැති බවත් ශ්‍රී ලංකාවට තම නොබැඳි ප්‍රතිපත්තිය අනුව තමන් කැමති රටක් සමග කටයුතු කිරීමට අයිතිය ඇති බවයි.

බැලස්ටික් මිසයිල ලුහුබැඳීමට යොදා ගත හැකි නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව මේ වනවිටත් නිල වශයෙන් ලංකාවට සිය කනස්සල්ල පළ කිරීමට පියවර ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com