www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් විශේෂකාර්ය බලකාය ආයුධ පෙන්වූ සැකකරුගේ නොදත් අතීතය…


2022-08-09 17:41:32 -  265 යි

ආයුධ පෙන්වීම සඳහා යැයි විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් සමග ගොස් කඩුවෙල ගල් කොරියකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ සැකකරු පිළිබඳව මේ වනවිට තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ කුලී ඝාතකයෙකු ලෙස සැකකෙරෙන තුවාන් සිරාන් නැමැත්තා එසේ මොයගොස් ඇති අතර ඔහු මියයනවිට හරක් කටාගේ ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන් ය.

මීට පෙර ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්වූ බවට පැවසුණු සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

එකළ අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ඉලක්ක වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේද මෙම පුද්ගලයා බව වාර්තා විය.

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේදී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඔහුට එරෙහිව ඇති එක් අපරාධ චෝදනාවකි.

ඊට අමතරව 2016 වර්ෂයේ මෝදරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2017 සහ 2019 වර්ෂවලදී වැල්ලම්පිටියේදී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම, 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති අනෙකුත් මනුෂ්‍ය ඝාතන චෝදනා අතර වෙයි.

එසේම ජීවිතක්ෂයට පත්ව ඇති සැකකරු 2016 වර්ෂයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගංජා ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වර්ෂයේ ඡීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්ව ඇති සැකකරු එම වර්ෂයේදීම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු මීට අමතරව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 02 වනදා කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්දියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේද මරණයට පත්වී ඇති තුවාන් සිරාන් නැමැත්තාය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට පත්වී ඇති අතර සඟවන ලද ආයුධ තොගයක් පෙන්වීමට යාමේදී ඔහු පළායාමට තැත්කර ඇති බව වාර්තා විය.

එහිදී සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ගල්කොරියකට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com