www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"කෘර දේශපාලනයට උදව් කරන ගැත්තන්ව මේ විදියට තමයි මරණයට පත්කරන්නේ" කියමින් ගුවන් හමුදා සෙබලෙක්ව පැහැරගෙන ගොස් පහරදී ගස් බැදලා...


2022-07-28 11:52:42 -  1044 යි

මඩකලපුව ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටින ගුවන් හමුදා භටයෙක් ව නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඔහුට පහර දී ගසක බැඳ තබා සිටිය දී බේරා ගෙන තිබේ.

අප කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා මේ බව තහවුරු කළ අතර ඔහු පවසා සිටියේ, අද (28) උදෑසන අදාළ ගුවන් හමුදා භටයාව බේරාගෙන ඇති බවය.

අරලගංවිල ප්‍රදේශයේ දී ඊයේ (27) සවස මෙය සිදුව ඇති අතර, නිවසේ සිට රාජකාරි ස්ථානයට යමින් සිටිය දී මෙයට මුහුණ දී තිබේ.

අදාළ කණ්ඩායම විසින් එම ගුවන් භටයාගේ සිවිල් ඇඳුම් ඉවත්කර තිබූ බව ද වාර්තා විය.

"කෘර දේශපාලනයට උදව් කරන ගැත්තන්ව මේ විදියට තමයි මරණයට පත්කරන්නේ" යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් ලියූ පුවරුවක් ද ඒ අසල තිබී සොයාගෙන තිබුණි.

ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තුවාල ලැබු ගුවන් හමුදා භටයා මේ වනවිට වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com