www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගල්කිස්සේ නිවසක් තුළ වෙඩි තැබීමක් - පුද්ගලයෙකු ජීවිතක්ෂයට


2022-07-28 07:45:16 -  148 යි

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, සිල්වා මාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩිතබා පළාගොස් ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවා ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් අත්තේ, 30 හැවිරිදි සිල්වා මාවත, රත්මලාන ප්‍රදේශයේම පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකි.

එම ඝාතනය සඳහා ටී - 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.

ඝාතනය සඳහා පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com