www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“රැවුල් වවාගත් කුඩ්ඩන්ට ආණ්ඩු පෙරළන්න දෙන්න බෑ: රාජපක්ෂලා යළි බලයට එනවා” – සනත් නිශාන්ත


2022-07-27 07:33:26 -  406 යි

රාජපක්ෂවරුන්ට නැවත බලය ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පැවසීය.

ඔහු සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට සූදානම් බව ය.

රාජපක්ෂලාව එළවීමට රැවුල් වවාගත් කුඩුකාරයන්ට නොහැකි බව ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීය.

අරගලය යැයි කියමින් කුඩුකාරයන්ට සහ අයිස්කාරයන්ට ආණ්ඩු පෙරළන්නට ඉඩ ලබා නොදිය යුතු බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය ඉදිරියේදී අරගලකරුවන්ට ද පෙන්වීමට කටයුතු කරන බව ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (ජූලි 26) එක්වෙමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com