මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙක්ව අද (26) පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
ඒ 2017 වසරේ සිදුවූ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
2017 වර්ෂයේ මඩකලපුව ප්‍රදේශයේ නිවසක ළිඳකින් බිළිඳු මළ සිරුරක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහක් තිස්සේ එම විමර්ශනය ක්‍රියාත්මක වෙයි.
පොලීසිය පවසන්නේ සැකකාර වෛද්‍යවරයා එවක සිය බිරිඳ සමග මඩකලපුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති කාලයේ එම නිවසේ මෙහෙකාරිය ප්‍රසූත කළ බිළිඳා ගෙල සිරකර ඝාතනය කිරීමට වෛද්‍යවරයා අනුබල දී ඇති බවය.
මෙම බිළිඳාගේ DNA පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී වෛද්‍යවරයාගේ සහ බිළිඳාගේ මවගේ DNA මියගිය බිළිඳාගේ DNA සමග සැසදී තිබේ.
ඒ අනුව, අදාළ සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 08 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.