තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී පෙරේදා 25 රාත්රී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය මීතොටමුල්ල කලංසූරිය පටුමග පදිංචිව සිටි ප්රකාස් තිළිණ කුමාර 34 නමැති අයයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සමාජ ක්රියාකාරිකයකු වූ ඩෑන් ප්රියසාද් යන අයගේ සහෝදරයා බවත් පොලිසිය කියයි.
පුරුද්දක් ලෙස මිතුරන් සමග ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සවස් කාලයට නිරතුරුවම රැඳී සිටින ඝාතනයට ලක්වූ පුද්ගලයා තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් කීපදෙනකු කීප දෙනකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත සිටින්නකු බවත් පොලිසිය කියයි
අධිකරණ නියෝග මත සෑම මසකම අවසන් ඉරුදින වැල්ලම්පිටිය පොලිසියේ පෙනී සිටින චූදිතයකු බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත