ජනතා විරෝධය හමුවේ රටින් පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ,විශ්‍රාමික ජනාධිපතිවරයෙකු ලෙසට ලැබිය යුතු වරප්‍රසාද ලැබෙනු ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටිනවා.
ඒ අනුව ඔහුට කොළඹින් නිල නිවසක් සහ ආරක්ෂක බල ඇණියක් හිමිවනු ඇති.
හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රාජපක්ෂ මහතා එළඹෙන මාසයේදී යළි මෙරටට එනු ඇති බවයි.