www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැරලි කරුවන් පැහැර ගත් ගිනි අවි දෙක නැවත ලබාගැනීමට ඕනෑම පියවරක් ගන්න ආරක්ෂක අංශවලට බලය


2022-07-16 13:32:06 -  167 යි

ගිනි අවි කැරලි කරුවන් අතට පත්වීම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි දෙක යළි ආරක්ෂක අංශ භාරයට ගැනීම සදහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපතිවරුන්ට මෙන්ම පොලිසියට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

වැඩ බලන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම අසල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ හමුදා සාමාජිකයන් දෙදෙනෙකුගේ ගිනි අවි පැහැරගෙන තිබෙනවා. එම ගිනි අවි සෙවීම සදහා සුදුසු ඕනෑම පියවරක් ගැනීමට ආරක්ෂක අංශවලට බලය පැවරීමටයි මෙහිදී තීරණය කෙරුණේ.

එමෙන්ම මෙම නොසන්සුන්තාව ඇති කරන ලද්දේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා.

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට මෙන්ම පොලිස්පතිවරයාට අවශ්‍ය බලතල ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. එසේම රටේ ආරක්ෂාව තහවුරු කිරීම ස`දහා උපරිම පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලය එක`ග වුණා. පාර්ලිමේන්තුව රැුස්වන අවස්ථාවේ එහි ආක්ෂාව තහවුරු කිරීමටත්, මන්තී‍්‍රවරුන්ට නිදහසේ රැුස්වීමට ඇති අයිතිය රැුකීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. මන්තී‍්‍රවරුන්ගේ එම නිදහසට බාධා වන අයුරින් යම් මන්තී‍්‍රවරයෙකු හෝ හැසිරෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමටද මෙහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ. පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡුා වී තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com