www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"පොලීසියේ,දිසාපතිගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ කුණු ගන්නේ නෑ." මාතර මහ නගර සභාව තීරණය කරයි...


2022-07-15 09:37:10 -  182 යි

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මාතර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,මාතර මූලස්ථාන පොලීසිය,මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආදී ප්‍රධාන රාජ්‍ය ආයතන පහෙන් ඉවත් කෙරෙන කුණු කසල ඉවත් කිරීමේ රාජකාරී වලින් මාතර මහ නගර සභාවේ සේවකයින් ඉවත් වීමට තීරණය කර තිබෙන බව මාතර පුරපති රංජිත් යසරත්න මහතා පැවසීය.

තම සේවකයින්ට රැකියාව සදහා පැමිණීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට මැදිහත් වන ලෙසට එම රාජ්‍ය ආයතන පහේ ප්‍රධානීන්ගේ ඉල්ලා සිටිය ද මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම මත එම ආයතන වල කුණු කසල භාර නොගන්නා බව ඔහු සදහන් කලේය.

නගර සභා සේවකයන් මාතර නගරය කුණු කසල ඉවත් කිරීමෙන් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඊයේ (14) උත්සාහ කල බවද ඒ ගැන සාකච්ඡා කර ජනතාව ගැන සිතා අදාල තීරණයට එලඹ වැඩ වර්ජන තීරණය අත්හල බවද යසරත්න මහතා කීවේය.

කෙසේ වෙතත් දින පහක් තුල තම සේවකයින්ට ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති වුවහොත් මාතර නගරයේ කුණු කසල ඉවත් කිරිම නතර විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

මාතර මහ නගර සභාවේ ට්‍රැක්ටර් ඇතුළු රථ වාහන වලට ඩීසල් ප්‍රමාණවත් තරම් එහි පිරවුම්හලේ ඇති අතර සේවකයින්ට නිවසේ සිට රැකියාවට ඒම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම මෙම තත්වය ඇති වීමට හේතු වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com