www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපති මන්දිරයේ ගන්ජා විකිණූ අරගල කරුවෙක් අත්අඩංගුවට..


2022-07-14 16:32:43 -  163 යි

විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති මන්දිරය තුලදී ගංජා සහිත කුඩා පාර්සලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි සේවයේ නිරත පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අද උදෑසන කාලයේ රාජකාරියේ නිරතව සිටියදී ජනපති මන්දිරයේ පිහිණුම් තටාකය අසල සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරීක්ෂා කර තිබෙනවා.

එම සැකකරු සන්තකයේ තිබී ගංජා සහිත කුඩා පාර්සලයක් යොසායෙගන ඇති අතර එම පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලිසියට ඉදිරිපත් කෙරුණා.

සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com