www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොල්දූව මංසන්ධියේදී තුවාල ලැබූ සෙබළාගේ ගිනි අවිය සහ පතුරම් 60ක් සමග මැගසින් දෙකක් අරගල කරුවන් පැහැරගනී


2022-07-14 09:33:59 -  1028 යි

ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරියෙක් සහ හමුදා සෙබළෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඔවුන් මේ වනවිට රෝහල්ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ තුවාල ලැබූ සෙබළා සතුව තිබූ T-56 ගිනි අවිය, ජීව උණ්ඩ 60ක් අඩංගු පතරොම් ගැබ දෙකක් අදාළ සිද්ධිය අතරතුරදී අරගල කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවය.

ඊට අදාළ පැමිණිල්ල බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබේ. 

ඊයේ (13) සවස බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක් පැවති අතර එය පාලනය කිරීමට පොලීසිය සහ ආරක්ෂක අංශ උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com