අරලියගහ මන්දිරය තුළදී අරලිය මැදුරේදී අරගල නායකත්වයට ජනබලවේගයේ සහ පෙරටුගාමී සාමාජිකයින් අතර ඇතිවූ ගැටුමකින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති අතර ප්රථිකාර ලබා දෙදෙනෙක් ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
අද (12) අලුයම සිදුවූ එම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කොල්ලුපිටිය පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.