මොනරාගල නගරයේදී ත්‍රීරෝද රථයක පටවා තිබූ සහල් කිලෝ 25 සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබලෙකු පෙරේදා (30) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීරෝද රථයක ඉකුත් 25 වෙනි දින මොනරාගල නගරයේ මධ්‍යයේ නතරකර තිබියදී එහි තිබූ සහල් කිලෝ 25 කිසියම් අයෙකු සොරකම්කර ඇති බව ත්‍රීරෝද රථයේ හිමිකරු වන ඔබ්බේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලීසියට පැමිණිලිකර තිබිණි.
ඒ අසල වූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ මොනරාගල පොලීසිය මොනරාගල හුලංදාව දකුණ ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල බෝයගනේ යුදහමුදා කඳවුරේ සේවයකරන තිස්තුන් හැවිරිදි යුදහමුදා සැරයන්වරයෙකු අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක