මුලතිව් ප්‍රදේශයේ ශිෂ්‍යාවන් හය දෙනෙකු ලිංගික අතවරවලට ලක් කළ පාසල් ගුරුවරයකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
සිද්ධිය සිදු වූ දින අදාළ ගුරුවරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු මෙම ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඔවුන්ට ප්‍රේම සබඳතා ගොඩ නඟා ගැනීමට අනුබල හා උදව් උපකාර කරමින් බව වාර්තා වේ.
මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා විසින් සැකකරුව අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ (30) වැනිදා පොලිසියට නියෝග කර ඇත.
මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට ලබාගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.