www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ


2022-06-27 11:49:49 -  169 යි

පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

අතීතයේ සිට ජනතාව කරත්තය අනුසාරයෙන් සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියහ.

කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවන් වැඩිදුරටත් පවසති.

එමෙන්ම ඉදිරියේදී උතුරු පලාතේ බොහෝ ප්‍රදේශයන්හි ගවයින් යොදා මෙලෙස කරත්ත සේවය යලි ක්‍රියාතමක වනු ඇතැයිද උතුරේ ජනතාව වැඩිදුරටත් පවසා සිටිති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com