තෙල් සංස්ථාව විසින් තම ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට වාර්තා පළ වෙයි.
සංස්ථාව සතුව තවදුරටත් ඉන්ධන සංචිත සීමිත වීම මත මෙම පියවර ගෙන ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් සීමිත සංචිත ප්‍රමාණය අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බෙදා හරිනු ඇති බවද සදහන්ය.
ඉන්ධන රැගෙන ඒම සඳහා තෙල් ගබඩා සංකීර්ණය වෙත ගිය බවුසර රැසක් එහි ඉදිරියේ රැඳී සිටින අතර ඔවුන් කියා සිටින්නේ සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම ඉතා ම සීමාකාරී වී ඇති බවයි.
කෙසේ වෙතත් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම නවතා ඇතැයි නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නැත.
ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව ප්‍රමාද වන බව සංස්ථාව පවසා ඇතත් එය මෙරටට ලැබෙන්නේ කවදාද පැහැදිලි කර නැත.