මුලතිව් විශ්වමඩු යුද හමුදා මුරකුටියක් අසල ඇතිවු කලහකාරී සිදුවීම ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය පළුදු කිරීමේ උත්සාහයක් බව යුද හමුදාව පවසයි.
මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ යුද හමුදා ආරක්ෂක මුරපොළක අසල නොසන්සුන්තාවක් ඇතිවුයේ ඊයේ රාත්‍රී 8ට පමණි.
යුද හමුදාව පවසන්නේ, බීමතින් පැමිණි පිරිසක් එහි සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සමග මතගැටුමක් ඇතිකර ගැනීමත් සමග කලහාකාරී තත්ත්වය හටගත් බවය.
එහිදී පැමිණ සිටි පිරිස ආරක්ෂක මුරපොළට වීදුරු බෝතල් සහ ගල් ප්‍රහාර එල්ලකිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා එහි සිටි හමුදා සෙබළුන් අහසට වෙඩි තබා තිබුණි.
එහි සිටි හමුදා භටපිරිස්, හමුදා අනුඛණ්ඩයට ඒ පිළිබඳව කළ දැනුම්දීමට අනුව තවත් හමුදා භට පිරිසක් රැගත් ට්‍රක් රථයක්ද එම ස්ථානයට ළඟා වී තිබුණි.
කලහකාරීව හැසිරෙන පිරිස එම ට්‍රක් රථයකට ද ගල් සහ වීදුරු බෝතල් ප්‍රහාර එල්ල කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
තත්ත්වය පාලනය කිරීමට හමුදාව අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර පසුව පොලිසියේ ද සහාය ඇතිව කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබුණි
මෙම සිද්ධියෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කෙරුණි.
කලහාකාරීව හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය සහ සහයෝගීතාවය කඩාකප්පල් කිරීමේ අරමුණින් යම් පිරිසක් ගත් උත්සාහයක් බව මූලික විමර්ශනවලින් තහවුරු වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේය.