www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තැන තැන ඉන්දන බෙදූ බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි


2022-06-18 18:55:06 -  120 යි

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිද්ධි 3ක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වෙන තෙක් එලෙස බවුසර්වල බලපත්‍ර අත්හිටවූ බවය.

විවිධ ස්ථානවලදී බවුසර්වලින් බූලිවලට ඉන්ධන ලබාදෙන වීඩියෝ සමාජ ජාල මාධ්‍ය වෙත එක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදුකෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අදාළ බවුසර් රථ සම්බන්ධයෙන් එම තීරණ ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com