පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්රී ලංකාවේ වලංගු මුදල් රුපියල් මිලියන 18.6ක මුදලක් හා රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් මුදල් තොගය අතර ශ්රි ලංකා වලංගු මුදලින් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ 95000ක් සහ විදෙස් මුදල් රුපියල් 432,502ක් තිබු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මෙම මෙහෙයුමේදී ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16 ක්, ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06ක්, කුවේට් ඩිනාර් 01 නොට්ටු 07 ක්, කටාර් රියාල් 100 නෝට්ටු 01ක්, සිංගප්පුරු ඩොලර් 50 නෝට්ටු 01ක්, ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09ක්, යුරෝ 200 නෝට්ටු 01ක් ද, ජංගම දුරකථන 04 ක් හා ගණුදෙනු සටහන්කල ලේඛණ 02 ක් පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත අලුත්කඩේ කොළඹ 10 සහ කොළඹ 15 පදිංචිකරුවන් වන අතර කවුරුද 25 - 51 අතර පසුවන්නන් වන අතර ඔවුන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත.