www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩීසල් කියා වතුර බූලි තුනක් 24,000 කට විකුණලා !


2022-06-17 11:11:08 -  107 යි

බණ්ඩාරගම නගරයේ ඉන්ධන  පෝලිමක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට ඩීසල්  කියා රවටා වතුර ලිටර් 60 ක  බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් වාර්තා වෙනවා.

මෙම සිද්ධියට මුහුණ පෑ එක් අයකු කුඩා වෑන් රථයකින් තැඹිලි විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙකි.

ඉන්ධන පිරවුම් හල අසල දින පහක පමණ කාලයක සිට ඔවුන් දෙදෙනා පෝලිමේ රැඳී සිටියදි  ඔහුන් අසලට පැමිණි ආගන්තුක පුද්ගලයකු හොරෙන් පැන්නූ ඩීසල් වගයක් තියෙනවා අඩුවට දෙනවා ගන්නවා දැයි විමසුව අවස්ථාවේදී නිසි අයුරින් ආහාර නොමැතිව නිදා ගැනීමටත් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටි ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ යෝජනාවට කැමති වි තිබෙනවා.

මද වේලාවකින් පසු ආගන්තුක පුද්ගලයා බුලි රැගෙන විත් දී ඇති අතර  පරික්ෂා කිරීමේදී ඩීසල් බවට හැඟී යාමෙන් ඊට නියමිත රුපියල් 24000ක මුදලක් ද එම පුද්ගලයා වෙත ඒ මොහොතේම ලබා දීමට කටයුතු කර ඇත

එක් අයකු වාහනයට දැමූ ප්ලාස්ටික් බූලිය පතුලින් කාන්දු වීමක් ඇති වී ඇති අතර ඒවා පරික්ෂා කිරීමේදී වතුර බවට හැඟී ගොස් ඇති අතර ඒ බව අනෙක් පුද්ගලයාට පැවසීමට යාමේදී ඔහු ද පවසා ඇත්තේ තමන්ගේ බූලි දෙකේම ඇත්තේද වතුර බවය.

ඔවුන් දෙදෙනාම ක්ෂණිකව තමන්ට ඩීසල් යැයි කියා වතුර ලබා දුන් පුද්ගලයා සොයා නගරය පුරා සැරි සැරුව ද එම ජාවාරම්කරු සොයා ගැනීමට නොහැකි වී ඇත

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com