යෝජිත 21 වෙනි සංශෝධනයට එරෙහි වීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුට හිතවත් මන්ත්‍රී පිරිසක් ක්‍රියා කරන බව ප්‍රකට කරුණකි.
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේදීද මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙනී සිට ඇති අතර ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා.
එක් පුද්ගලයෙකු සතුව තීරණ ගැනීමේ තනි බලයක් රඳා පැවතීම ,මෙරට බොහෝ ප්‍රශ්නවලට හේතුව වූ අතර මෙම යෝජිත සංශෝධනයෙන් අදාළ අංශවලට කාරක සභා පත් කිරීමත් ඒ තුළින් තීරණ ගැනීමේදී වඩා විනිවිද භාවයක් පෙන්නුම් කිරීමත් සාධනීය කරුණක් වනවා.
එහෙත් නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්ව සිටින අවස්ථාවකදී පවා මෙලෙස රාජ්‍ය පාලනයට බලපෑම් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති අතර තමාගේ පුද්ගලික වාසි වෙනුවෙන් මෙලෙස කටයුතු කිරීම නම් කිසි ලෙසකින්වත් අනුමත කල නොහැකියි.
පසුගියදා බැසිල් රාජපක්ෂට අතිශය හිතවත් පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනතාවට සහන සැලසීම බවයි.
එහෙත් රටේ ඇතිව තිබෙන මේ සියලුම ප්‍රශ්නවලට මුල පවතින දේශපාලන ක්රමයේ ව්‍යාකූලත්වය බව කවරෙකුට වුවද වැටහෙනු ඇත.
එවන් තත්වයක් තුළ රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය පවා අමතක කොට තමාගේ ද්විත්ව පුරවැසි බව වෙනුවෙන් රට උකසට පවා තැබීමට යමෙකු මෙලෙස කටයුතු කරන්නේ නම් එය කිසිවිටෙකත් අනුමත කල නොහැකි කරුණකි.