www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අමරකීර්ති ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට


2022-06-08 07:51:26 -  436 යි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඊයේ (07) නිට්ටඹුව පොලීසියට කැඳවා ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 06 වනදා ද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් නිට්ටඹුව සහ කළගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අදාළ සැකකරුවන් තිදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 27 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර පසුගිය මැයි 09 වනදා හෝමාගම ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී මන්ත්‍රිවරයා ගමන් කළ රථයට ගිනි තබා හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර පසුගිය මැයි 09 වනදා දිවයින පුරා සිදු වූ කලහාකාරි සිද්ධීන් සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 39 දෙනෙකු ඇප මත මුදාහැර ඇති අතර 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com