www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කෑගල්ලේදී අහින්සකයන්ට වෙඩි තැබූ හිටපු SSP ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වලකයි..


2022-06-02 14:41:04 -  181 යි

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය ට අදාළව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ. 

අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත.

එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නියෝග කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කරසිටින පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබන 27 වනදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.

ඉන්ධන මිල ඉහළයාම සම්බන්ධයෙන් ඉකුත් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වුණි.

එහිදී ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලීසිය කළ වෙඩි තැබීමක් අතරතුර පුද්ගලයෙකු මිය ගියේය.

එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩු විභාගයේදී මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com