අටුළුගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ බව කියන ෆාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරිය සොයා පොලිසිය කණ්ඩායම් හතරක් යොදවා තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අතුරුදන් වූ දැරියගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන බවයි.
අටුළුගම ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි මෙම දරුවා සිකුරාදා (මැයි 27) පෙරවරු 10.00 සිට අතුරුදන්ව ඇත.
ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීමට අසල වෙළෙඳසැලකට ගිය දැරිය ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. සීසීටීවී කැමරාවකින් ලබාගත් දර්ශනවල දැක්වෙන්නේ දැරිය ආහාර මිලදී ගෙන වෙළඳසැලෙන් පිටව යන ආකාරයයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට අමතරව පානදුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි අංශ නිලධාරීන්ද එක්ව පරීක්ෂණ පවත්වයි.
පානදුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ සමීපතම ඥාතියෙකු වෙත විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ෆේස් බුක් සමාජ ජාලයේ සටහනක් තබා තිබුණේ අදාළ තරුණිය කොළඹ කොටුව බස් නැවතුමේ කාන්තාවක් සමඟ සිටිනු දක්නට ලැබුණු බවයි.
ෆාතිමා අයේෂා අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් 20කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.