සාමකාමී අරගලයට පහරදීමට පැමිණ බේරේවැව අසලදී පහරකෑමට ලක්ව රෝහල් ගතව සිටි පුද්ගලයෙකු මියයයි
|

2022-05-19 15:36:46
- 197
යි
පසුගිය 9 වනදා සිදු වූ කලහකාරී සිද්ධීන් වලදී පහරකෑමට ලක්ව රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය ප්රකාශ කළේ පෙරහර මාවත සහ බේරේ වැව අතර පදික වේදිකාවේදී පහරකෑමට ලක්වූ පිරිසක් අතර සිටි 47 හැවිරිදි ගලහිටියාව - කුලියාපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
පහරකෑමට ලක්වීමෙන් පසු මොහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී ඇත්තේ හිසට හා පපුවට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|