www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙයි…- ඉන්දීය බුද්ධි අංශ


2022-05-14 22:32:16 -  221 යි

ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති වීම මත ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටමි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මත දෙවතාවක් හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කර ඇති නිසා ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.

මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

දැනටමත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළත් වී ඇති බවත් ඒ හේතුවෙන් තමිල්නාඩු වෙරලබඩ පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවත් වාර්තාවක් වැඩි දුරටත් කියා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com