පසුගිය සඳුදා ඇතිවූ සිද්ධි මාලාවේ මීගමුව ඇවෙන්රා හෝටලය ඉදිරිපිටදී හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලෙන් හා තිඹිරිගස්කටුව මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහ විදුහලේ අධ්‍යාපනය ලැබූ අවුරුදු 19ක් වන ශෙහාන් උදයංග තරුණයායි.
මීගමුව ඇවෙන්රා හෝටලය ඉදිරිපිට ඇති සල් ගස අසලදී හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලටත් නැවතත් මීගමුව රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා