2022 මැයි 09 දිනය පුරා සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සිය සාක්කු සටහන් පොත්වල සහ රාජකාරි සටහන් පොත් හි විධිමත් සටහන් තබා නැති බව අධිකරණයේ දී හෙළිවිය.
ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න සහ ශ්රී ලංකා නීතිඥ සංගමය අධිකරණයට කරුණු වාර්තා කරන තෙක්ම පොලීසිය මෙම ප්රහාරයන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළේ නැත. සැකකරුවන්, ප්රහාරකයින්, කුමන්ත්රණකරුවන්, අනුබල ලබාදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ ද නැත.
2022 මැයි 09 සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සතියකට පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමේ දී එම තොරුතුරු විකෘති කිරීම, තෝරාගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම බොහෝ විට සිදු වේ. පොලිස් නිලධාරීන් සිය රාජකාරිමය වගකීමක් වන ‘සිද්ධි වාර්තා තැබීම‘ විධිමත් ලෙස ඉටු නොකර, සිද්ධියෙන් කාලයකට පසුව සටහන් තැබීමෙන් සිදුවන්නේ තොරාගත් කරුණු පමණක් සටහන් තැබීමය.
පොලිස්පති නිල මැදිරිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගය මේ සමඟ අමුණා ඇත. පොලීසිය සිය වෘත්තීය වගකීම නිසි පරිදි ඉටු කිරීමත්, දෛනික රාජකාරි වාර්තා/සටහන් තැබීමත් බලපෑමකින් තොරව සිදු කළ යුතුව ඇති බව අවධාරණය කළ යුතුය.
ගෝල්ෆේස් පිටියේ මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට සිය දෛනික රාජකාරි වගකීම අතපසු කර ඇති නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව ද, අවධාරණය කළ යුතුය.