ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියම කර තිබේ.
මෙම සිද්ධියට අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව අද පැවැත්වීමට නියමිතව තිබුණි.
එහෙත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන පොලිස් රියදුරා මේ වනවිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.
එමෙන්ම තවත් සාක්ෂි කරුවන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස් අධිකාරී දසනායක යන අය රෝහලින් නික්ම ගිය ද ඔවුන්ට විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇති බවද පොලිසිය පැවසීය.
එබැවින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙරට්ටුව පැවැත්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.
ඊට විරෝධය පළ කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පොලිසිය පෙරට්ටුව කල් දමමින් සැකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.
කරුණු සලකා බැලූ හේස්ත්‍රාත්වරයා පෙරෙට්ටුව පැවැත්වීම සඳහා අවසන් වතාවට දිනයක් ලබා දුනි.
ඒ අනුව හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 19 වැනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එතෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.