ත්‍රිකුණාමලය හමුදා කඳවුරට (Navy House) අද උදෑසන හෙලිකොප්ටර් 02ක් පැමිණ තිබෙනවා. එම හෙලිකොප්ටර් වලින් විශාල බෑග් ප්‍රමාණයක් ගොඩබා නැවත මීට කෙටි වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
මේ වනවිට එම කඳවුර අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර සාමාන්‍යයෙන් ජනාධිපති හෝ අගමැති පැමිණෙන විට යොදවන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර රත්මලාන ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ සිට කිහිප වරක් හෙලිකොප්ටර් යානා ඒ මේ අත ගමන් කර ඇති බවටද තොරතුරු වාර්තා විය.
අති විශේෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ තව කෙටි වේලාවකින් බොහෝදුරට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය හමුදා කඳවුර වෙත පැමිණෙනු ඇති බවයි..