අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ SQ 469 දරණ ගුවන් යානයෙන් රටින් පනී
|

2022-05-09 15:57:22
- 162
යි
අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ අද අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව වාර්තා වනවා.
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
අද අළුයම 12.50 ට පමණ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්ෂක නිලධාරීන් ද රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානියා මෙලෙස දිවයිනෙන් බැහැරව යන්නේ ඔහුගේ පියා වන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ට තනතුරෙන් ඉවත් වන ලෙස බල කෙරෙමින් පවතින පසුබිමකයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|