www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඥානක්කා යළි වැඩ අරඹයි - මැදියම් රැයේ ප්‍රභූන්ට විවෘත දේවාලය


2022-05-08 19:52:37 -  484 යි

අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ ඉසුුරුපුර ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති දේවාලයක් පවත්වා ගෙනයන ඥානා හෙවත් ඥානාක්කාගේ දේවාලයේ යළිත් වැඩ ආරම්භ කර ඇත.

පසුගිය දිනවල ඥානාක්කා ආගිය අතක් සොයාගැනීමට නොහැකිවුණ ද පසුගිය සතිමැද සිට යළිත් වරක් දේවාලයේ යාතිකා ආරම්භ කර තිබෙනු දක්නට ලැබිණි.

පසුගිය සති කීපය පුරාම ඥනාක්කාගේ නිවසත් දේවාලයත් ආරක්ෂා කරනු ලැබුවේ පොලිස් හා යුද හමුදා ආරක්ෂක අංශය මගිනි. ඇගේ නිවස ආරක්ෂාවට පොලිස් නිලධාරීන් හය දෙනකුගෙන් යුත් ආයුධ සන්නද්ධ බල ඇණියක් ද දේවාලයේ ආරක්ෂාව සඳහා පොලිස් හා යුද හමුදා බළාකායක් ද දිවා රෑ යොදවා තිබිණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ අතුරුදන් වූ ඥානාක්කා පසුගිය දින කීපයේම රැඳී සිට ඇත්තේ අනුරාධපුර නගරයට ආසන්න යුද හමුදා කඳවුරක වායු සමනය කළ සුඛෝපභෝගී නිල නිවසක බවයි. එහෙත් මැයි 03 වැනිදා සිට ඇය නැවත නිවසට පැමිණ ඇති අතර යළිත් වරක් දේවාලයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඇගෙන් සේවාව ලබා ගැනීම සඳහා පිට ප්‍රදේශවලින් පැමිණි පිරිස්වලින් දේවාල භූමිය යළිත් පිරී තිබෙනු පසුගිය දින කීපය පුරාම දැකිය හැකි විය. විශේෂත්වය වන්නේ ඒ සියලුම දෙනා අනුරාධපුරයෙන් පිට පළාත්වල උදවිය වීමයි.

ඒ පිරිස් අතර ඉහළ මට්ටමේ දේශපාලඥයන් කීප දෙනකු ද වූ බව ඇසින් දුටුවෝ පවසති. ඔවුන් දේවාලයට පැමිණ ඇත්තේ රාත්‍රීි11.00 ත් 12.00 ත් අතර කාලයේ බව ප්‍රදේශවාසීහු පවසති. දේවාල භූමියේ වැඩිපුරම සෙනඟ ගැවසී ඇත්තේ පසුගිය සති අන්තයේ හා ඉකුත් බදාදා (04 වැනිදා) දිනයේ දී බව ද ඔවුහු පැවසූහ.

සරත් දහනායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com